හීසර ගැන • ABOUT HEESARA

හරි කෙනා හොයාගන්න,
සියලුම යෝජනා උනත් බලන්න පුළුවන්.

heesra කියන්නේ ශ්‍රී ලංකාවේ පවුල් වෙනුවෙන් හදපු මංගල යෝජනා සේවයක්. අපි කටයුතු කරන්නේ දෙමාපියන් එක්ක, ඉතාම ගෞරවයෙන්, පෞද්ගලිකව, horoscope එකට හරියට ගැලපෙන කෙනා හොයාගන්න.

අපි ඔබට සීමිත යෝජනා ගණනක් විතරක් දෙන්නේ නැහැ. අපේ දත්ත ගබඩාවේ (database) තියෙන ගැලපෙන සියලුම යෝජනා ඔබට පෙන්වනවා. හොඳම ගැලපීම් මුලින්ම. ඒ අතරින් හොඳම කෙනා ඔබටම තෝරගන්න පුළුවන්.

සියල්ල
දත්ත ගබඩාවේ තියෙන සියලුම Profile පෙන්වනවා, සීමාවක් නැහැ
පොරොන්දම් 20
සම්පූර්ණ horoscope ගැලපීම හැමෝටම ඉතාම නිවැරදිව
භාරකරු
තහවුරු කරපු, පවුලට ආරක්ෂිත - අපි හැම profile එකක්ම භාරකරුවන් සමග කතා කරලා verify කරනවා.

heesara කියන්නේ මොකක්ද?

heesara කිසිසේත්ම dating app එකක් නෙවෙයි. මංගල යෝජනා සේවයක් පමණයි. මෙතනදී භාරකරු / දෙමාපියන් සම්බන්ධ වෙනවා. Profile තහවුරු කරනවා. දෙපැත්තම කැමති වුණාට පස්සේ විතරයි දුරකථන අංකය බලන්න පුළුවන්.

👨‍👩‍👧 පවුල මුලින්ම
භාරකරුගේ දුරකථන අංකයට කතා කරලා අපේ නියෝජිතයින් profile තහවුරු කරනවා. ඒ නිසා යෝජනාව විශ්වාස කරන්න පුළුවන්.
🔒 පෞද්ගලිකත්වය රැකෙනවා
අවශ්‍යනම් Photo එක බොඳ (blur) කරලා තියන්න පුළුවන්. ඒත් photo පෙන්වනවනම් අනෙක් අයට ඔයාව හොඳින් පෙනෙයි. උපන් වේලාව, දුරකථන අංකය දෙපැත්තම කැමති වෙනකම් පෙන්නන්නේ නැහැ.
🔮 horoscope එක හරියටම
පොරොන්දම් 20, කේන්ද්‍රය, කුජ / ශනි / රාහු දෝෂ, රජ්ජු බලලා දෙනවා. ඔබේ මුදල් නාස්ති වෙන්නේ නෑ.
🇱🇰 ලංකාව වෙනුවෙන්ම
ලංකාවේ දිස්ත්‍රික්ක අනුව, රට ඉන්න අයගේ Profileත් තියෙනවා. අධ්‍යාපනය, වයස, ශරීර වර්ණය, උස, මහත, රැකියාව අනුව ඔබට කැමති කෙනෙක් තෝරන්නත් පුළුවන්.

අපි හොඳම ගැලපීම දෙන්නේ කොහොමද?

අපි ඔබට පොඩි ලැයිස්තුවක් විතරක් දීලා තෝරගන්න කියන්නේ නෑ. උදාහරණයක් විදියට, ඔබට හොඳම කෙනා 301 වෙනියා වුණොත්, 300 ක list එකක්නම් ඔබට ලැබෙන්නේ, ඔබට එයාව කවදාවත් පෙනෙන්නේ නැහැ. heesara එහෙම කරන්නේ නැහැ. අපි හැම package එකටම list එකේ සියල්ල පෙන්වනවා.

1. Profile එක හදන්න
ඇත්ත විස්තර, Photo, horoscope එකට අවශ්‍ය තොරතුරු, බලාපොරොත්තු දාන්න. භාරකරු තහවුරු කිරීමෙන් ආරක්ෂාව ලැබෙනවා.
2. ගැලපෙන සියලුම Profile බලන්න
අපි හොදම ප්‍රතිපලයේ ඉඳලා තියෙන හැම profile එකක්ම පිළිවෙලට පෙන්වනවා. සීමාවක් නැහැ. වයස, දිස්ත්‍රික්කය, ආගම, අධ්‍යාපනය, බලාපොරොත්තු වලට ගැලපෙන දත්ත ගබඩාවේ තියෙන හැම Profile එකක්ම ඔබට පෙනෙනවා. ඒ පොරොන්දම් ගැලපීමත් එක්කම. අවශ්‍යනම් ඔබට කැමති විදියට හොයලා, filter කරලා බලන්න පුළුවන්.
3. සම්පූර්ණ පොරොන්දම් + ලකුණු 100න්
පොරොන්දම් 30 + වයස 20 + ආගම 10 + අධ්‍යාපනය 10 + කුලය 10 + රැකියාව 10 + පදිංචිය 5 + උස 5 = 100. ඒ එක්කම කේන්ද්‍රය සහ භයානක දෝෂ තියෙනවද කියලාත් බලනවා. ඇයි ගැලපෙන්නේ කියලා ඔබට පැහැදිලිව පෙනෙනවා, ඉලක්කමක් විතරක් නෙවෙයි.
4. කැමැත්ත යවන්න, දෙපැත්තම කැමති වුණාම contact එක
දෙපැත්තම කැමති වුණාම දුරකථන අංකය, contact එක auto පෙන්වනවා. Contact එක වෙනම විකුණන්නේ නැහැ. එක දුරකථන අංකයකට මෙච්චරයි කියලා සීමාවක් නැහැ.
heesara ඇයි විශේෂ
අපි ඔබව සීමා කරන සේවාවක් නෙවෙයි. යෝජනා 100, පණිවිඩ 50, දුරකථන 40, ඉවර වුණාම ආයෙත් ගෙවන්න ඕනේ කියලා අපේ ළඟ limits නෑ. heesara අපි සියලුම Profile, පොරොන්දම් ඔයාට බලන්න දෙනවා, සීමාවක් නැහැ, දෙපැත්තම කැමති වුණාම contact එක බලන්න පුළුවන්. හැම පැකේජයටම ඒක ඇතුළත්. වැදගත්: profile හදන හැම කෙනාටම ගැලපීම් පෙන්වනවා. ගැලපීම් බලලා ඔයාට පුළුවන් package එකක් ගන්න. package ගන්න අයට විතරයි contacts පෙන්වන්නේ. ඒ නිසා ගැලපෙන යෝජනා තිබේදැයි නොදැන මුලින් මුදල් ගෙවලා රැවටෙන්න වෙන්නේ නෑ.

අපේ පැකේජ • Our Packages

මිල ගණන් එක Profile එකකට - ඔබට Profile 2ක් තියෙනවා නම්, එක එක Profile එකට වෙන වෙනම පැකේජයක් ගන්න ඕනේ. හංගපු ගාස්තු නැහැ.

FREE - නොමිලේ • පළමු 100 දෙනාට
Rs. 0
මාස 6ක් • පළමු Profile 100ට විතරයි
  • ✓ එක අයෙකුට Profile 2ක් හදන්න පුළුවන්
  • ✓ දත්ත ගබඩාවේ තියෙන සියලුම Profile ගැලපීම් පොරොන්දම් සමග බලන්න පුළුවන්
  • ✓ පොරොන්දම් බලන එකට සීමාවක් නැහැ
  • ✓ කැමැත්ත යවන්න / ගන්න පුළුවන්
  • ✓ භාරකරු verify කිරීම
  • මාස 6ට පස්සේ: අලුත් කරන්න Rs. 1,500 / ඊළඟ මාස 6ට
නොමිලේ පටන් ගන්න
වැඩිම දෙනා ගන්නා
STANDARD - සාමාන්‍ය පැකේජය
Rs. 2,500
මාස 6ක් • අලුත් කරන්න Rs. 1,500 / ඊලග මාස 6ට
  • ✓ FREE එකේ තියෙන හැමදේම
  • ✓ සියලුම Profile බලන්න පුළුවන්, සීමාවක් නැහැ
  • ✓ පොරොන්දම් + සම්පූර්ණ වාර්තාව, සීමාවක් නැහැ
  • ✓ Photo lock කරපු Profile වලටත් කැමැත්ත යවන්න පුළුවන්
  • ✓ දෙපැත්තම කැමති වුණාම contact එක
  • ✓ සම්පූර්ණ කේන්ද්‍රය (Kendra chart)
Standard ගන්න
👑 PREMIUM LIFETIME - විවාහය දක්වාම
Rs. 5,000
Life time • විවාහය දක්වාම
  • ✓ STANDARD එකේ තියෙන හැමදේම +
  • ✓ Home page එකේ වරින් වර පෙන්වනවා
  • ✓ Premium ලකුණ
  • ✓ Matches page එකේ ඉහලින්ම පෙනෙනවා
  • ✓ පොරොන්දම් + සහතිකය (Certificate), සීමාවක් නැහැ
  • ✓ Priority support & Maximize Protection
Premium ගන්න
ගෙවන හැටි: Profile එක හදන්න → ගැලපෙන යෝජනා බලන්න → Account පිටුවට ගිහින් ගෙවන්න → Profile එක මාස 6ක් හෝ ජීවිත කාලයම active වෙනවා. Pay පිටුවෙන් බැංකු / කාඩ් වලින් ගෙවන්න පුළුවන්. Profile එක ටික කාලයක් හංගලා තිබ්බත්, ගෙවපු කාලය නැති වෙන්නේ නැහැ.

පවුලට ආරක්ෂිතයි • Safe for families

Dating වචන නැහැ, contact එක ප්‍රසිද්ධියේ දෙන්නේ නැහැ, දුරකථන අංක විකුණන්නේ නැහැ. භාරකරු තහවුරු වුණාට පස්සේ විතරයි contact පෙන්වන්නේ. හැම Profile එකකම Report බොත්තමක් තියෙනවා. Report 3ක් ආවොත්, Profile එක නවත්තලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා.

නිතර අහන ප්‍රශ්න

Profile බලන්න ගෙවන්න ඕනේද?
නැහැ. Profile එක හදලා, ගැලපෙන අය බලන්න පුළුවන්. ගෙවන්නේ කැමැත්ත යවලා, contact එක ගන්න active කරන්න.
කීයක් බලන්න පුළුවන්ද? සීමාවක් තියෙනවද?
නැහැ. heesara දත්ත ගබඩාවේ තියෙන සියල්ල පෙන්වනවා. අපි limit කරන්නේ නැහැ.
Profile එක හංගන්න පුළුවන්ද?
ඔව්. ඕනේ වෙලාවක Hide / Deactivate කරන්න පුළුවන්. ගෙවපු කාලය නැති වෙන්නේ නැහැ. ආයෙත් ඕනේ වෙලාවක පෙන්වන්න පුළුවන්.
Porondam report විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. අනිවාර්යෙන්ම පුළුවන්. අපි AI භාවිතයෙන් ක්‍රියා කරන ඉතා දියුණු software එකක් භාවිතා කරනවා. ඔබට පිළිගත් ජෝයෝතිෂවෙදියෙකුගෙන් පරික්ෂා කරවා නිවැරදිභාවය තහවුරු කරගන්න පුළුවන්.
Premium ගත්තොත් ආයෙත් ගෙවන්න ඕනේද?
නැහැ. Rs. 5,000 එක පාරයි. විවාහය දක්වාම active.
හොඳම ගැලපීම හොයාගන්න ලෑස්තිද?
අදම Profile එක හදන්න. සීමිත ලැයිස්තුවක් නෙවෙයි, සියල්ල බලන්න.
දැන්ම Profile එක හදන්න