අඩු බර පාන් වැටලීම අද සිට

ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වැටලීම් රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ පිළිබඳව පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන්වල නියමිත බර ප්‍රමාණය තිබිය යුතු බවත්, එසේ නොමැති බේකරි හිමියන් වෙත නීතිමය පියවර…

Read More

කෝටි 10 මත් පෙති වත්තලින් අල්ලයි

එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10 ට අධික වටිනා මත්පැති තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවසේ ගබඩා කර තිබූ මත්පැති පෙති 192,000ක (එක් ලක්ෂ අනූ දෙදාහයි) ප්‍රමාණයක් තිබී ඇති අතර,විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිවස වටලා එහි ගබඩා කර තිබූ මත්පැති…

Read More

කෙහෙලිය අද අධිකරණයට

සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ.  මාලිගාකන්ද අධිකරණයේ ලබාදුන් නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය හිටපු අමාත්‍යවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.  බාල ප්‍රතිදේහක ඖෂධ බෙදා හැරීම සහ රජයට කෝටි ගණනක අලාභයක්…

Read More

කෙහෙළිය CIDයට කැඳවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තාවේ. අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය ඊයේ නියෝග කර තිබුණි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

Read More

නිදහස සමරන්න සුරාසැල් වසා දමයි

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බව, එම න‍ිවේදනයේ…

Read More

බෙලිඅත්ත වෙඩි තැබීමේ සැ‍ලසුම්කාරිය කොටුවෙයි

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා  පවසයි. මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු නාවික හමුදාවේ හිටපු විශ්‍රාමික සෙබළෙකු වන අතර  එම ඝාතනයට  අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පියා හෙහෙරොයින්…

Read More

ඔන්ලයින් පනත අද සිට

පාර්ලිමේන්තුවේ දී සම්මත වු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබේ. එම පනත් කෙටුම්පත 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස අද (01) දිනයේ සිට බලාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමෙන් අනතුරුවය. පනත් කෙටුම්පතට  පක්ෂව ඡන්ද 108ක්…

Read More

තෙල් මිල ඉහළට

ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. මේ අතර…

Read More

ඇෆ්ගන් ක්‍රිකට් පිල අද දිවයිනට

ටෙස්ට් තරගයකට,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම  දිවයිනට පැමිණියේය ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ . මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත…

Read More

සනත් නිශාන්ත ගේ පාර්ලිමේන්තු පුටුවට ජගත් ප්‍රියන්කර එයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකළ දැනුම්දීමක් සිදුකර තිබු අතර එම ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර තෝරාපත් කරගත් බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

Read More